An Invitation to The NPP for a Wider United Front

Posted: 2 years ago

Author: Kalana Samarasinghe

We have identified the need for a wider united coalition between the progressive elements of the nation to bring about the change excepted via the people's struggle. Hence this is an invitation to NPP to take the lead in this effort.

 

Chairman of the NPP,                                                      24 Aug 2022

 

We're a group of concerned citizens who began our social work in environmental conservation from 2015, and branched into political reform and anti corruption civic activities after seeing the effect of corrupt and incompetent governance, realising its detrimental impact on sustainable development of the nation.

 

A few of us began initial protests against the traitorous regime of the Rajapakshas from December 2021, and have ever since been part of the peaceful civic protests seeking political change for the better.

 

To ensure the continued success of the people's struggle, we believe that a non-partisan group such as ours should bridge the ideological divide between leading progressive elements of the nation. As such we request the following from you:

 

- Conduct a series of meetings with other similar goal oriented civic and political groups (who are against corruption, nepotism, and seek democratic economic and social development of the the people and seek to punish those responsible for the current state of the country) 

 

- Form a coalition of political powers who can work together to win the next election and bring about the change expected from the people's struggle

 

We request the above, after analysing the people's struggle and the previous electoral results and sincerely believe that good elements such as yours in the political landscape cannot individually unite the different socio-political communities to win and create a stable government in the near future.

 

We have identified the following other groups as having the same ultimate goal as yours, and we hope to be ambassadors amongst you to meet the above objectives.

 

In no particular order;

 

National People's Movement (NPM)

Patali Champika Ranawaka (43 Brigade) 

Rohan Pallewatta (Social Democratic Party) 

Pathum Kerner (National Green Front)

National Movement for Social Justice (NMSJ)

Various non-partisan capable, genuine professionals.


Sincerely,

BuildLK - A citizen initiative to sustainably develop a corruption free Sri Lanka.



සභාපති,

ජාතික ජන බලවේගය,                                                         24 Aug 2022

 

අපි 2015 සිට පරිසර සංරක්ෂණය සඳහා අපගේ සමාජ ක්‍රියාකාරකම් ආරම්භ කර, ඉන් පසුව දූෂිත හා අකාර්යක්ෂම ආණ්ඩුකරණයේ විනාශකාරී බලපෑම අත්දැකීමෙන් පසු දේශපාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී සිවිල් ක්‍රියාකාරකම්වලට පරිවර්තනය වූ වගකිවයුතු පුරවැසියන් පිරිසකි.

 

2021 දෙසැම්බරයේ සිට දේශද්‍රෝහී රාජපක්ෂ පාලනයට එරෙහිව මූලික විරෝධතා ආරම්භ කළ අප කිහිප දෙනෙක් එතැන් සිට සාධනීය දේශපාලන වෙනසක් අපේක්ෂා කරන සාමකාමී සිවිල් විරෝධතාවල කොටස්කරුවෝ වූහ.

 

ජනතා අරගලයේ අඛණ්ඩ සාර්ථකත්වය සහතික කරගැනීම සඳහා අප වැනි නිර්පාක්ෂික කණ්ඩායමක් දිවයිනේ හඳුනාගත් ප්‍රගතිශීලී කොටස් අතර මතවාදී බෙදීම පියවිය යුතු බව අපි විශ්වාස කරමු.  එබැවින් අපි ඔබෙන් පහත සඳහන් දෑ ඉල්ලා සිටිමු.

 

  • සමාන ඉලක්කගත සිවිල් සහ දේශපාලන කණ්ඩායම් හඳුනා ගෙන ඔවුන් සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වීම. (දූෂණයට, ඥාති සංග‍්‍රහයට එරෙහි, සහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික හා සමාජීය සංවර්ධනය අපේක්ෂා කරන සහ රටේ වත්මන් තත්ත්වයට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට උත්සාහ කිරීමට කැපවෙන කණ්ඩායම්)

 

  • ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට සහ ජන අරගලයෙන් බලාපොරොත්තු වන වෙනස ඇති කිරීමට එක්ව ක්‍රියා කළ හැකි පුළුල් ප්‍රගතශීලි දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීම

 

ජනතා අරගලය සහ පෙර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීමෙන් පසු අප හට වැටහී ගියේ, ඔබ වැනි යහපත් දේශපාලන සංවිධානයකට වුවත් තනිව මෙම අරගලයේ විසිර සිටින සමාජ-දේශපාලන කණ්ඩායම් එකමුතු නොකොට ඉදිරියේ ස්ථාවර ආණ්ඩුවක් බිහිකිරීමේ ඉඩකඩ ඉතා සීමිත බවයි.

 

එබැවින් ඉහත අරමුණු සපුරාලීම සඳහා ඔබ සහ අනෙක් ප්‍රගතශීලි පාර්ශව අතර පාළමක් වීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබ වැනි රටේ සාධනීය වෙනසක් වෙනුවෙන් පෙනී සිටින අප හඳුනාගත් කණ්ඩායම් කිහිපයක් පහත දැක්වෙන අතර, මොවුන් සමග සාකච්ඡාවකට මුල පිරීමට අප බලාපොරොත්තු වෙමු.

 

විශේෂ අනුපිළිවෙලකින් තොරව;

 

රොහාන් පල්ලෙවත්ත (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)

පාඨලී චම්පික රණවක (43 සේනාංකය)

පැතුම් කර්නර් (ජාතික හරිත පෙරමුණ)

ජාතික ජනතා ව්‍යාපාරය (NPM)

සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය

විවිධ නිර්පාක්ෂික දක්ෂ, අව්‍යාජ වෘත්තිකයන්

 

මෙයට, 

විශ්වාසී,

 

BuildLK - දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක තිරසාර සංවර්ධනය වෙනුවෙන් පුරවැසි එකතුවක්